හම්බන්තොට ප්‍රාදේශිය සභාව
__
අප ප්‍රාදේශීය සභාව ප්‍රධාන වශයෙන් අංශ 04 කට බෙදා ඇත. එනම්,
1. ආයතන අංශය
2. ගිණුම් අංශය
3. ප්‍රජා හා පරිසර අංශය
4. සංවර්ධන හා තාක්ෂණික අංශය
ආයතන අංශය :
ආයතනික අංශය යටතේ ආයතනයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබයි.
ගිණුම් අංශය :
ගිණුම් අංශය යටතේ එදිනෙදා ලැබීම්, ගෙවීම්, වැටුප් සකස් කිරීම, වාර්ෂික ගිණුම් සකස් කිරීම, අයවැය ලේඛණ සකස් කිරීම සිදුකරනු ලබයි.
ප්‍රජා හා පරිසර අංශය :
ප්‍රජා හා පරිසර අංශය යටතේ බල ප්‍රදේශයේ පෙර පාසල් සංවර්ධන කටයුතු, මහජන පුස්තකාල, ප්‍රජා මණ්ඩල හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම වැනි කාර්යයන් බොහොමයක් ඉටුවේ. තව දුරටත් එකී සේවාවන් විස්තර කළහොත්,
• හම්බන්තොට ප්‍රාදේශීය සභාව මගින් පෙර පාසල් දෙකක් පාලනය වේ. එනම්,
1. වලව ශ්‍රි පේමානන්ද පෙර පාසල
2. උඩබැරගම බෝසත් පෙර පාසල
මීට අමතරව බල ප්‍රදේශයේ ඇති පෞද්ගලික පෙර පාසල් සදහාද අවශ්‍ය භෞතික පහසුකම් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම අප විසින් සිදුකරනු ලබයි.
• අප ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන මහජන පුස්තකාල තුනක් ඇත. එනම්,
1. පහල බැරගම දැහැමිපුර මහජන පුස්තකාලය.
2. සිසිලසගම මහජන පුස්තකාලය.
2. උඩබැරගම මහජන පුස්තකාලය.
මීට අමතරව ජුල්ගමුව වසමේ කියවීම් ශාලාවක් පවත්වාගෙන යනු ලබයි.
• ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ප්‍රජා මණ්ඩල හරහා සිදුකිරීම.
සෑම ග්‍රාම නිළධාරී වසමක්ම ආවරණය වන පරිදි බල ප්‍රදේශය තුළ ප්‍රජා මණ්ඩල විසි දෙකක් පිහිටුවා ඒ මගින් බල ප්‍රදේශයේ මෙම ආයතනය හරහා සිදුකරන සියළුම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.
අනු අංකය | ග්‍රාම නිළධාරි වසම | ප්‍රජා මණ්ඩලයේ නම |
---|---|---|
1 | වලව | පුබුදු |
2 | දෙහිගහලන්ද | සවිබල |
3 | ගොඩවාය | ගෝඨාභය |
4 | මානජ්ජාව | දිරිය |
5 | සිසිලසගම | සිසිලස |
6 | සියඹලාගස්විල - උතුර | මිණිමුතු |
7 | සියඹලාගස්විල - දකුණ | රන්තරු |
8 | පහල බැරගම | නීල ගජබා |
9 | උඩ බැරගම | සුමුදු |
10 | අරවනමුල්ල | අරුණළු |
11 | බැල්ලගස්වැව | මයුර |
12 | ගල්වැව | ගම පුබුදු |
13 | ගොන්නොරුව | පිබිදෙන |
14 | කැටන්වැව | සුහද |
15 | එල්ලල | දිලෙනතරු |
16 | පල්ලෙමලල | ජයමුතු |
17 | ජුල්ගමුව | ජන උදාන |
18 | යහංගල නැගෙනහිර | උදාන |
19 | බඳගිරිය | සිතුමිණ |
20 | තම්මැන්නාව | ඉසුරු |
21 | බූන්දල | ගාමිණි |
22 | සිරියාගම | අරුණළු |
• කසල කළමනාකරණය විධිමත් කිරීම.
මෙහිදී බල ප්‍රදේශයේ තෝරාගත් මාර්යන්හි කැළි කසල ඉවත් කිරීම හා කසල කළමනාකරණය යටතේ කසල කොම්පොස්ට් කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
• ජනතාවට බලපාන පීඩාකාරි තත්වයන් මග හැරීම සදහා කටයුතු කිරීම.එනම්,
1. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම.
2. අනතුරුදායක ගස් කැපීම.
3. ඉඩම් සංවර්ධනය සදහා අවසර ලබාදීම.
4. ඉඩම් කට්ටි කිරීම සදහා අවසර ලබාදීම.
5. පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.
6. සෞඛ්‍යට හානිදායක ව්‍යාපාර හා කර්මාන්ත තහනම් කිරීම.
7. මහජන පැමිණිළි පරීක්ෂාව.
• සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර පාලනය කිරීම සදහා අවශ්‍ය කටයුතු කිරීම.එනම්,
1. ආහාර සාම්පල් පරීක්ෂාව.
2. ජල නියැදි පරීක්ෂාව.
3. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා වැටලීම් කිරීම.
• මාතෘ සහ දාරකාභිවෘද්ධිය ඇති කිරීම සහ සෞඛ්‍ය සායන පැවැත්වීම.එනම්,
1. සායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම.
2. සෞඛ්‍ය වැඩසටහන් පැවැත්වීම.
• පොදු උපයෝගිතා සේවාවන් මහජනතාවට සැපයීම.එනම්,
1. පොළ බදු අයකිරීම.
2. සුසාන භූමි පවත්වාගෙන යාම.
3. ක්‍රිඩා භූමි පවත්වාගෙන යාම.
4. ප්‍රජා ශාලා පවත්වාගෙන යාම.